කෘෂිකර්මාන්තය කාන්තාවන් සතු විය යුත්තේ ඇයි?

විදුර ප‍්‍රභාත් මුණසිංහ ( ජ්‍යෙෂ්ඨ පර්යේෂක, නීතිය හා සමාජ භාරය)

මෙම ලිපිය මෙම මස 15 වන දිනට යෙදී තිබූ ලෝක ග‍්‍රාමීය කාන්තා දිනය, 16 වන දිනට යෙදී තිබූ ලෝක ආහාර දිනය සහ 17 වන දිනට යෙදී තිබූ ලෝක දරිද්‍රතාවය පිටු දැකීමේ දිනය යන දිනයන්ට සමගාමීව නීතිය හා සමාජ භාරය හා සවිස්ත‍්‍රී සාමූහිකය විසින්  ‘අපගේ ආහාර පද්ධතිය අර්බුදයක: කාන්තා ගොවීන්ට විසුද්ම වියහැකිද?’ යන මැයෙන් පැවැත්වූ මහජන සංවාදයක දී පළවූ අදහස් ඇසුරින් සැකසුනකි. එහිදී සරෝජනී රෙංගම්, විමුක්ති ද සිල්වා, කෝකිලරාණි තිරුචෙල්වම්, සඳුන් තුඩුගල, ආචාර්ය සේපාලි කෝට්ටෙගොඩ, සුගන්යා කන්දීපන්, තිරුඥාණමූර්ති මේගලා සහ නේධා ද සිල්වා විසින් මූලික අදහස් දැක්වීම් සිදු කරනු ලැබිනි.

සැසිය මෙහි නරඹන්න.

ලෝක ජනගහනයෙන් 49.6% ක් කාන්තාවෝ වෙති. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව ලෝක ආහාර නිෂ්පාදනයෙන් 45% ක් නිපදවන්නේ කාන්තාවන් විසිනි. ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් ප‍්‍රතිශතයක් ලෙස 52% කාන්තාවෝ වෙති.  ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව අනුව මෙරට කාන්තා ශ‍්‍රම බලකායෙන් 30% ක් පමණ කෘෂිකර්මාන්තයේ නියැලී සිටිතිි. නමුත් ශ‍්‍රී ලංකාවේ මෙන්ම පොදුවේ ගත්කළ ලෝක පරිමාණයෙන්ද පවත්නා තත්ත්වයක් වන්නේ කෘෂිකර්මාන්තයේ යෙදෙන කාන්තාවන් ගොවීන් ලෙස පිලිනොගැනීමයි. ආහාර නිෂ්පාදනයේ බලවත් භූමිකාවක් ඔවුන් විසින් ඉටු කරන නමුත්, ඒ සම්බන්ධෆයන් වන පිලිගැනීම හා ගෞරවය ඔවුන්ට හිමි නොවේ. එපමණක් නොව අපට නිතැතින්ම අසන්නට, දකින්නට ලැබෙන්නේ කාන්තාවන්ව කෘෂිකර්මාන්තයෙන් බැහැර කරවීම සදහා වන නිරන්තර උත්සාහයන් ය. ගෝලීය යථාර්ථය මෙන්ම ලාංකීය තත්ත්වයද මෙයින් වෙනස් නොවේ.  මෙම ලිපියේ අරමුණ වන්නේ මේ පිලිබඳව සහ එකී තත්වයන්ට මුල්වී ඇති හේතු සාධක විමසා බැලීමත්, එහි පවත්නා ගැටලූකාරී තත්ත්වයන්ට පවත්නා විකල්පය කුමක්ද යන්න සාකච්ඡුා කිරීමත් ය’

කාන්තාව ගොවියෙකු නොවේ

ශ‍්‍රී ලංකාවේ ජාතික කෘෂිකර්ම ප‍්‍රතිපත්ති කෙටුම්පතක පළමුවරට කාන්තාවන් පිලිබඳ සඳහන් වන්නේ 2005-2012 කෘෂිකර්ම ප‍්‍රතිපත්ති කෙටුම්පත තුලය. එහිදී ද ගොවිතැන් කරන කාන්තාවන් සලකනු ලබන්නේ ගෙවතු වගාවේ නියුතු, පවුලේ ආහාර අවශ්‍යතාව වෙනුවෙන් වන සහායක භූමිකාවක් ඉටු කරන්නියක් ලෙසිනි. නමුත් කාන්තා ශ‍්‍රම බලකායෙන් 30% ක් නියැලී සිිටින වෘත්තියක්, ගෙවතු වගාවක් යැයි නාමකරනයකොට ගොවියාට හිමි පිලිගැනීම ඇයට අහිමි කරනු ලැබුවේ මන්ද? එහි ප‍්‍රතිඵලය නම් ගොවීන්ට හිමි වන කෘෂි ව්‍යාප්ති සේවාවන්හි ප‍්‍රතිලාභ ඇයට නොලැබී යාමයි. ඒ අනුව කෘෂිකර්මාන්තයට අවශ්‍ය නවීන තාක්ෂණය, නව ගොවිතැන් ක‍්‍රම යනාදිය සම්බන්ධයෙන් වන පුහුණු හා වැඩිදියුණුවීමේ අවස්ථා ඇයට මඟහැරී යයි. ඇයට හිමිවන්නේ ගෙවතු වගාවට අදාල කෘෂි ව්‍යාප්ති සේවාවන් පමණි.

එමෙන්ම කාන්තාව කෘෂිකර්මාන්තයේ තීරණ ගැනීමේ ක‍්‍රියාවලියේ කිසිදු අවස්ථාවක සම්බන්ධ කරගනු නොලැබේ. මෙහි ප‍්‍රාථමිකම මට්ටම වන්නේ ගොවි සංවිධාන මට්ටම යි. එහිදී කන්න රැුස්වීම්වලට සහභාගී වෙමින් ගොවිතැන හා ජල පාලනය සම්බන්ධයෙන් වන තීරණ සදහා මැදිහත්වීමේ හැකියාව ලැබෙන්නේ ගොවි සංවිධාන සාමාජිකයින්ට ය. නමුත් ගොවි සංවිධානයක සාමාජිකයකුවීමට නම් ඉඩම් හිමිකාරීත්වය තීරණාත්මක ය. කාන්තාවන්ට මෙරට ඉඩම් හිමිකාරීත්වය සම්බන්ධයෙන් සුවිශේෂී වෙනස්කොට සැලකීමකට මුහුණදීමට සිදුව ඇත. මෙරට ගොවි බිම්වලින් 90% කට වඩා රජයේ ඉඩම් වන අතර ඒවා රජයේ බලපත‍්‍ර හා දීමනාපත‍්‍ර යටතේ වගා කටයුතු කිරීම හා පදිංචිය සදහා ජනතාව වෙත ලබාදී ඇත. මෙරට ඉඩම් සංවර්ධන ආඥා පනතේ 3 වන උපලේඛණයට අනුව එසේ බලපත‍්‍රයක් හෝ දීමනාපත‍්‍රයක් යටතේ ඉඩමක් භුක්ති විඳින තැනැත්තකු එකී ඉඩම සදහා අනුප‍්‍රාප්ති අයිතිය නොපවරවා මියගියහොත්, එය හිමිවන්නේ පවුලේ වැඩිමහල් පිරිමි දරුවාට ය. එකී ඉඩමේ ගොවිතැන් කටයුතු මුලූමනින්ම සිදුකරන්නේ පවුලේ ගැහැණු දරුවකු විසින් වුවද, එබඳු අවස්ථාවක ඇයට ඉඩමේ අයිතිය හිමි නොවේ. මේ හේතුවෙන් මෙරට කෘෂිකාර්මික ඉඩම්වලින් අති බහුතරය පිරිමි හිමිකාරීත්වයක් යටතේ පවතී. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙරට ගොවි සංවිධාන සාමාජිකත්වයේ අතිබහුකරය හැමවිටම පිරිමින්ය. ඒ අනුව ග‍්‍රාමීය මට්ටමේ කෘෂිකර්මාන්තය හා ජල පාලනය පිලිබද තීරණ සදහා මැදිහත්වීමේ සම්පූර්ණ බලය පිරිමින් වෙත පැවරී ඇත. ඉඩම් අයිතිය අහිමි කාන්තාවට ණය සදහා වන ප‍්‍රවේශයද ඇහිරී යයි. ඒ හැමවිටෙකම පාහේ බැංකු හා මූල්‍ය ආයතන වෙතින් ණය ලබාගැනීමේදී සුරක්ෂිතයක් ලෙස ඉඩම් ඔප්පුවක් ඇපයට ඉල්ලා සිටීමයි. ඉඩම් අයිතිය අහිමි කරනු ලැබූ කාන්තාවට මෙනයින් ප‍්‍රාග්ධනයට ඇති ප‍්‍රවේශයද අහිමි කරවනු ලැබ ඇත.

ගොවිතැනේදී මෙන්ම වෙළදපොල තුලද කාන්තා ගොවීන් විශාල අසාධාරණයකට ලක්වේ. මෙරට කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම හා බෙදාහැරීම යන ක‍්‍රියාවලිය සැකසී ඇත්තේ මුලූමනින්ම පිරිමි අවකාශයක් ලෙසිනි. අතරමැදි වෙළදපොල හැමවිටම ගොවිබිමට බෙහෝ සෙයින් දුරබැහැරව පවතින අතර ඒ වෙත වන ප‍්‍රවාහනයද පහසු එකක් නොවේ. වෙළදපොල තුල වන හෙට්ටු කිරීමේ ක‍්‍රියාවලියද පිරිමි වෙළද ආධිපත්‍යයට නතුව ඇත. පවුලේ රැුකවරණ වගකීමද පැවරී ඇති කාන්තාවන්ගේ සචලතාවයේ සීමාවන් හේතුකොටගෙනද මෙම ක‍්‍රියාවලිය සදහා ඇයට පිරිමින්ගේ සහය ලබාගැනීමට සිදුවේ. සරළවම පවසන්නේ නම් වෙළදපොල වෙත ඇයට ප‍්‍රවේශයක් නොමැති තරම්ය. එහි අවසන් ප‍්‍රතිඵලය සිය අස්වැන්නේ මිළ සම්බන්ධයෙන් ඇයට කිසිදු බලපෑමක් කිරීමට නොහැකි වී යාමයි.

දැනුවත්ව සිදු කරනු ලැබූ වෙනස්කොට සැලකීමක් හා බැහැර කිරීමක්

කාන්තා ගොවීහු සිය ගොවිබිමට ඇති ඉඩම් අයිතිය අහිමි කරනු ලැබ, ගොවීන් ලෙස නොසලකනු ලැබිමට ලක්ව, ගොවිතැන සම්බන්ධ තීරණ ගැනීමේ බලය අහිමි කරවනු ලැබ, කෘෂි ව්‍යාප්ති සේවාවන්හි සහය අහිමි කරවනු ලැබ, වෙලඳපොල වෙත ප‍්‍රවේශය අහිමි කරවනු ලැබ, අවම ප‍්‍රවේශයක් හිමිවන විටදී පවා එහිදී බෙහෙවින් වෙනස්කමට භාජනය කරනු ලැබ, පවුලේ ගෙවීමක් නොලබන රැුකවරණ භූමිකාවන් ඉටු කරමින් (එනයින් ගොවි අනන්‍යතාව හිමි පිරිමියාට ගොවිතැනේ නියැලීම සදහා ඔහුව රැුකවරණ භූමිකාවෙන් නිදහස් කරමින්* තවදුරටත් කෘෂිකර්මාන්තයේ නියැලී සිටියි. ඇය මෙරට ගොවි නිෂ්පාදනයෙන කාන්තා ශ‍්‍රම බලකායෙන් 30% ක් ට දායක වන්නේ මේ සියලූ බාධාවන් මධ්‍යයේ ය. මේ කිසිදු බාධාවක් ස්වභාවික බාධාවක් නොවේ. ඒ සියල්ල දැනුවත් ලෙස වුවමනාවෙන්ම කාන්තාවයන් කෘෂිකර්මාන්තය තුල වෙනස්කොට සලකමින් ඔවුන් එයින් බැහැර කරවීම අරමුණු කරගනිමින් නිර්මාණය කරනු ලැබූ බාධාවන්ය. මේ සියලූ බාධාවන් රාජ්‍යය විසින් දැනුවත්ව නිර්මාණය කළ ඒවා වන අතර ඒ සියල්ල තුල සිය නිෂ්පාදන ක‍්‍රියාවලිය දැඩිව බලපෑමට ලක්වූ කාන්තාවට රාජ්‍යය විසින් පවසා සිටින්නේ නව ලිබරල් ආර්ථික ක‍්‍රමයක් තුල නිදහස් වෙළදාම සුරක්ෂිත කරනු පිණිස රාජ්‍යය මැදිහත්වීමෙන් වැලකී සිටින බවයි. ඒ අනුව කෘෂි නිෂ්පාදන ක්ෂේත‍්‍රය වෙත මැදිහත්වන මහා පරිමාණ සමාගම්වල ක‍්‍රියාකාරීත්වය සමඟ දැනුවත්වම දුර්වල කරනු ලැබූ කාන්තා ගොවීන්ට තරඟ කිරීමට සිදුව තිබේ. නව ලිබරල් ආර්ථීකයක් තුල රාජ්‍යයේ ප‍්‍රවේශය වන්නේ මෙම කටයුතු සදහා මැදිහත්වීමෙන් වැලකී සිටීම යැයි කියනු ලැබූවද, ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ මහා පරිමාණ සමාගම්වලට කෘෂි නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ සියලූ අංශ අත්පත් කරගැනීම සදහා අවශ්‍ය ව්‍යුහාත්මක තත්ත්වයන් රාජ්‍යයේ මැදිහත්වීමෙන් නිර්මාණය කරනු ලැබීමයි. තවත් සමහර විටෙක ඒ වන විටද පැවැති අසාධාරණ ව්‍යුහාත්මක තත්ත්වයක් තවදුරටත් පවත්වාගෙන යාමයි (උදා- ඉඩම් සංවර්ධන ආඥා පනතේ 3 වන උපලේඛණය*. කාන්තාව කෘෂිකර්මාන්තයෙන් බැහැර කරවීමට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කරනු ලැබ ඇත්තේ ඒ අනුවය.

කාන්තාව තර්ජනයක් වන්නේ කාටද?

ඇත්තෙන්ම කාන්තාව කෘෂි නිෂ්පාදන අගය දාමයේ රැුඳී සිටීමේ ඇති බැ?රුම්කම කුමක්ද? ඔවුන් එහි රැුඳී සිටීම කෘෂි නිෂ්පාදන හා බෙදාහැරීමේ ක්ෂේත‍්‍රය මහා පරිමාණ සමාගම් අතට පත්කර ගැනීමට බාධාවක් වන්නේ කෙසේද? දෙවන ලෝක යුද්ධයෙන් පසු, විශේෂයෙන් හරිත විප්ලවයත් සමඟ ආහාර නිෂ්පාදන ක්ෂේත‍්‍රය අතිශයින් ලාභ ලැබිය හැකි ක්ෂේත‍්‍රයක් ලෙස මහා පරිමාණ බහුජාතික සමාගම් විසින් හඳුනාගනු ලැබිණි. ඒ අනුව අවි ආයුධ වෙළදාම, ඖෂධ වෙළදාම මෙන්ම ආහාර නිෂ්පාදනයද අතිශය ලාභ ලැබිය හැති ගෝලීය ව්‍යාපාරයක් ලෙසින් වර්ධනය කරනු ලැබිණි. ඒ අනුව සමස්ථ ආහාර පද්ධතියම මහා පරිමාණ කෘෂි සමාගම්වල ග‍්‍රහනයට ගැනීමට අවශ්‍ය සියලූ කටයුතු සිදු කරනු ලැබිනි. මෙහිදී ආහාර පද්ධතිය යනුවෙනේ අදහස් වන්නේ ආහාර වටිනාකම් දාමය සමඟ බැඳුනු සියලූ ක‍්‍රියාකාරීත්වයන් හා ඒවා අතර සම්බන්ධතාවන්ය. එනම් බීජ නිෂ්පාදනය, භෝග වගාව, කෘෂි යෙදවුම්, කෘෂි අස්වැන්න, අස්වනු ප‍්‍රවාහනය, අස්වනු සැකසීම, වෙළදපොල සේවා, තොග හා සිල්ලර වෙලඳාම, ආහාර සැකසීම, ආහාර පරිභෝජනය ඇතුලූ සියලූ කාර්යයන් ය. මහා පරිමාණ වශයෙන් පර්යේෂණ සදහා අනුග‍්‍රහය දක්වමින් නව බීජ වර්ග නිෂ්පාදනය කරනු ලබන්නේත්, එකී බීජ යොදාගෙන කරනු ලබන ගොවිතැන් සදහා කෘමිනාශක හා රසායනික පොහොර විශාල වශයෙන් නිපදවනු ලබන්නේත්, දැවැන්ත ඒක භෝග වගාවන් ලෝක සාගතය දුරලීමේ මග ලෙසින් ප‍්‍රවර්ධනය කරනු ලබන්නේත්, එකී ප‍්‍රවර්ධනයන් වෙනුවෙන් අන්තර්ජාතික ආයතන, පර්යේෂකයින් හා මත ගොඩනගන්නන් වෙනුවෙන් බිලියන ගනනින් ආයෝජනය කරනු ලබන්නේත් ඒ අනුවය. අක්තර දහස් ගණන් පුරා විහිදුනු මහා පරිමාණ ඒක භෝග වගා බිම් නිර්මාණය කරමින්, විශාල වශයෙන් යන්ත‍්‍ර සූත‍්‍ර යොදාගනිමින් සිදුකරන ගොවිතැන, අස්වනු සැකසීම, අස්වනු බෙදාහැරීමේ හා විකිණීමේ ජාල එකී සමාගම් විසින් ගොඩනගනු ලබන්නේත් මේ ක‍්‍රියාන්විතයේ කොටසක් වශයෙනි. මේ අනුව එතෙක් ආහාර පද්ධතියේ විශාල භූමිකාවක් ඉටු කළ කුඩා ප‍්‍රජාවන් ඒවායින් ඉවත් කරමින් එහි සෑම අංශයක්ම මහා පරිමාණ ප‍්‍රාග්ධන ආයෝජනයන්ට යටපත් කරනු ලබිනි. ආධාර දෙන ආයතන, ජාත්‍යන්තර සංවිධාන විසින්ද අනාගත කෘෂි සංවර්ධන මොඩලය වශයෙන් ප‍්‍රවර්ධනය කරනු ලැබූයේද, නව ලිබරල්වාදී ආර්ථීකයන් විසින් පහසුකම් සලසනු ලැබූයේද මෙම ක‍්‍රියාවලිය වෙනුවෙනි.

එහිදී ප‍්‍රජාව සතුව තිබූ ආහාර පද්ධතියේ අතිශය තීරණාත්මක අංග කිහිපයක්ම ප‍්‍රජාවෙන් ගලවා සමාගම් සතු කිරීම අත්‍යාවශ්‍ය විය. මෙයින් ප‍්‍රධාන අංශ දෙකක්ම මූලික වශයෙන් කාන්තාවන් විසින් ඉටු කරමින් තිබූ කාර්යයන් විය. ඒ බීජ ගබඩා කිරීම හා සංරක්ෂණය සහ ආහාර කල්තබා ගැනීමයි. සාම්ප‍්‍රදායිකව මෙරට බීජ සුරක්ෂිතතාව පවත්වාගෙන යනු ලැබූයේ කාන්තාවන් විසිනි. බීජ ගබා කිරීම ප‍්‍රධාන කොටම කාන්තාවන් විසින් ඉටු කරනු ලැබූ කාර්යභාරයකි. සුප‍්‍රකට ඉන්දියානු හරිත ස්ත‍්‍රීවාදිනියක වන වන්දනා ශිවා පවසන පරිදි බීජය පාලනය කරන තැනැත්තා විසින් සමස්ථ ආහාර නිෂ්පාදනයම පාලනය කරනු ලබයි. ආහාර විවිධාකාරයෙන් කල්තබා ගැනීම සම්බන්ධ සාම්ප‍්‍රදායික දැනුම දරා සිටින්නේත්, ඒය ක‍්‍රියාවේ යොදවන්නේත් කාන්තාවන්ය. එමඟිින් ඔවුහු ප‍්‍රජාවේ ආහාර සුරක්ෂිතතාව සහතික කරනු පිණිස විශාල කාර්යයක් ඉටු කරති. අනෙක් තීරණාත්මක සාධකය වූයේ කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලැබූ කුඩා පරිමාණ ගොවි බිමිය. එමගින් ප‍්‍රජාව තුල ආහාර විවිධත්වය හා ආහාර සුවෛරීත්වය සදහා අවශ්‍ය පදනම සකසනු ලැබිනි. භෝග නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා වන ආහාර පද්ධතියේ සියලූ අංශ සමාගම් සතු කරගැනීමට නම් මෙම කාර්යයන්ගෙන් කාන්තාව බැහැර කළ යුතු විය. ඉහත සාකච්ඡුා කෙරුනු ව්‍යුහාත්මක තත්ත්වයන් නිර්මාණය කිරීමට රාජ්‍යයන් වෙත බලපෑම් කරමින් කාන්තාව ආහාර පද්ධතියේ තීරණාත්මක භූමිකාවෙන් පිටමං කිරීමට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කෙරෙන්නේ මේ අනුවය.

ක්‍රියාන්විතයේ ප‍්‍රතිඵලය කුමක්ද?

මේ සියලූ බැහැර කිරීම් හා වෙනස්කොට සැලකීම් තුල මහා පරිමාණ සමාගම්වල ක‍්‍රියාකාරීත්වය ඉදිරියේ කාන්තා ගොවීහු අතිශය අසීරුතාවන්ට මුහුණ දෙති. මෙම තර්ජනය කෙතරම් තීව‍්‍ර වීද යත්, තමන් විසින් තම ඊළග කන්නය සදහා බීජ නිපදවාගෙන ඒවා ගබඩාකර තබාගැනීම පවා වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි වරදක් බවට වන නීති සම්පාදනයන් පවා ගෙන ඒමට වරෙක පිඹුරුපත් සැකසින. මේ සියල්ල විසින් කාන්තා ගොවීන්ට බල කෙරුනේ අතිශය අසාධාරණ තත්ත්වයන් තුල මහා පරිමාණ සමාගම්වල ක‍්‍රියාන්විතය සමඟ තරඟ කිරීමටය. එහිදී ණය සදහා ප‍්‍රවේශය අහිමි කරනු ලැබූ කාන්තාවන්ට ලබාදුන් එකම විකල්පය වූයේ අතිශය අසාධාරණ ණය කොන්දේසි හා පොලී මත ක‍්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලයි. කාන්තාව කෘෂි කර්මාන්තයෙන් බැහැර කරවීමේ අවසාන හා තීරණාත්මක භූමිකාව එය විසින් ඉටු කරන ලදී. අවසාන වශයෙන් ඇයට ඉතිරි කරනු ලැබූ විකල්පයවූයේ උග‍්‍ර ණය බරින් මිදීම සදහා සමාගම් විසින් මෙහෙයව කෘෂි ව්‍යවසායන්හි හෝ වෙනත් ව්‍යාපාරයන්හි දෛනික වැටුප් ලබන කම්කරුවකු බවට පත්වීම හෝ සියදිවි නසාගැනීමයි (මේ වන විට ද 200 කට අධික කාන්තාවන් සංඛ්‍යාවක් සියදිවි නසාගෙන ඇත*.

මෙම ක‍්‍රියාන්විතයේ ප‍්‍රතිඵයක් ලෙස අද ලෝකයේ සමස්ථ ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියම පාලනය කරනු ලබන්නේ සමාගම් අතලොස්සක් විසිනි. ලෝකයේ බීජ වලින් 67% ක අයිතිය හිමිව ඇත්තේ සමාගම් 4 කටය. ලෝකයේ නිෂ්පාදනය වන කෘෂි රසායනවලින් 70% කම අයිතිය සමාගම් 4 ක් සතුය. ලෝකයේ පොහොර නිෂ්පාදනයෙන් 18% ක් සමාගම් 5 ක් විසින්ද, සමාගම් 5 ක් කෘෂි යනත්‍රොපකරණවලින් 41% ක අයිතියද හිමි කරගෙන සිටියි. ලෝකයේ විකිණෙන සමස්ථ ධාන්‍ය ප‍්‍රමාණයෙන් 90% ක් සමාගම් 4 ක් සතුය. ආහාර හා බීම සැකසීම්වලින් 37.5% ක් සමාගම් 10 අත පවතින අතර ආහාර සිල්ලර වෙලඳපොලින් 85% ක් පාලනය කරනුයේ සමාගම් 4 ක් විසිනි. අද අපගේ ආහාර නිෂ්පාදනය, වෙළදාම හා පරිභෝජනය සම්බන්ධයෙන් සියලූ තීරණ ගනු ලබන්නේ මෙම බහුජාතික දැවැන්තයින් විසිනි. අපගේ ආහාරය, සෞඛ්‍ය, ජීවන විලාශය පාලනය කරනු ලබන්නේ ඔවුන්ය. අද ගොවියා යනු ඔවුන්ගේ ලාභය තීව‍්‍ර කරනු පිණිස ඔවුන්ගේ නිෂ්පාදන සදහා වන වෙළපොලක් පමණි. ලෝකය පුරා භූමිය මහා පරිමාණයෙන් වනසමින් දැවැන්ත ඒක භෝග වගා කරන ගොවි බිමි සමාගම් විසින් නිර්මාණය කරනු ලබන අතර ඔවුන්ගේ බීජ ප‍්‍රභේද යොදා ගනිමින් සිදුකෙරෙන ගොවිතැන් සදහා අධික ලෙස අවශ්‍ය මිනිසාට හා පරිසරයට අතිශය අහිතකර කෘමිනාශක පරිසරයට එක්කිරීමට බල කෙරී ඇත. ලාභය උදෙසා අවසානයකින් තොරව නිෂ්පාදනය වැඩිකෙරෙමින් පවතින අතර වැඩිකෙරෙන නිෂ්පාදනය සදහා වෙලඳපොල වෙනුවෙන්  අධිපරිභෝජනය ප‍්‍රවර්ධනය කෙරෙන අතර අපගේ පරිභෝජන ආශාවන් වෙලඳපොල විසින් අලූතින් නිපදවෙමින් පවතීි. මේ සමස්ථ ක‍්‍රියාවලිය විසින් සීමිත සම්පතක් වන ස්වභාවිත පරිසරය නැවත හැරවිය නොහැකි ලෙස විපර්යාසයට ලක්වෙමින් පවතින අතර එය මිනිසා ඇතුලූ සමස්ථ සත්ව සන්තතියේම පැවැත්ම පිලිබඳ ගැටලූවක් දක්වා මේ වන විට වර්ධනය වී ඇත.

අනවරත ලාභය ද, ජීවිතය ද?

මෙම ක‍්‍රියාවලියේ අසාර්ථකත්වය මනාව පෙනී ගිය අවස්ථාවක් වූයේ කොවිඞ් වසංගතය සමඟ රටවල් වසා දැමීම සමග නිර්මාණය වූ ආහාර සැපයුම් දාමයන්හි බිදවැටීමයි. සමාගම් විසින් ගෝලීයව සංවිධානය කරනු ලැබ තිබූ සැපයුම් දාමයන් මේ අනුව අවහිර වූ අතර තම ආහාර අවශ්‍යතාව සදහා නැවත යොමුවන්නට සිදුවූයේ අතහැර දමා, අධෛර්යමත් කොට තිබූ ප‍්‍රජා මට්ටමේ ආහාර නිෂ්පාදන හා සම්බන්ධතා ජාල වෙතය. කඩා බිඳ දමා දුබල කොට තිබූ ආහාර සැපයුම් දාමයන් අපගේ ආහාර සුක්ෂිතතාව වෙනුවෙන් කෙතරම් වැදගත් කාර්යභාරයක් කරන්නේද යන්න පසුගිය වසර 2 ක කාලය තුල අපට පසක් විය. මේ කාලය තුල මෙරට ප‍්‍රජාවන් කුසගින්නෙන් ගලවා ගනු ලැබූයේ මෙරට රාජ්‍ය ප‍්‍රතිපත්තියේ සිට ප‍්‍රවර්ධනය කරනු ලැබූ මහා පරිමාණ කෘෂි නිෂ්පාදන ක‍්‍රියාවලිය විසින් නොව කුඩා ගොවිබම්වල කරගෙන යනු බන සාපේක්ෂ වශයෙන් වඩා තිරසාර ගොවිතැන විසිනි. එහිදී නැවත වතාවක් කාන්තාවන් විසින් එහිලා ඉටුකරනු ලබන භූමිකාව කැපී පෙනුනි. ඇත්ත වශයෙන්ම ලෝකයේ සමස්ථ වගා භූමි ප‍්‍රමාණයෙන් අතිබහුතරයක් කැපකරමින්, මහා පරිමාණ කෘෂි යෙදවුම්, මහා පරිමාණ ප‍්‍රාග්ධන ආයෝජනයන් මත, අතිශයින්ම පාරිසරික වශයෙන් විනාශකාරී ලෙස පවත්වාගෙන යනු ලබන කාර්මික කෘෂිකර්මාන්තය තවමත් ලෝකයේ බහුතරයකගේ ආහාර අවශ්‍යතාවට පිලිතුරක් නොවේ. තවමත් ලෝකයේ ආහාර අවශ්‍යතාවෙන් වැඩි ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ හෙක්ටෙයාර 5 ට අඩු කුඩා පරිමාණ ගොවි බිමි විසිනි. කාන්තාවන් මූලික භූමිකාවක් ඉටු කරන්නේ එකී ගොවිබිමි තුලය. ඇත්ත වශයෙන්ම මහා පරිමාණ කාර්මික කෘෂිකර්මාන්තය පවත්වාගෙන යනු ලබනනේ සමාගම් අතලොස්සකගේ ලාභ ඉපැයීම වෙනුවෙන් මිස ලෝකයේ ජනතාවට ආහාර නිෂ්පාදනය කිරීම හා ඔවුන් කුසගින්නෙන් මුදවාලනු පිණිස නොවේ. ඔවුන්ට අනුව ජනතාව සහ පරිසරය පවතින්නේ ඔවුන්ගේ ලාභ උත්පාදනය පිණිස භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය සම්පතක් හා පාරිභෝගිකයෙක් ලෙස පමණි. පසුගිය දශක ගණනාවක් පුරාවට මෙරට මෙන්ම ලෝකයේ බහුතරයක් රාජ්‍යයන් විසින්ද ප‍්‍රවර්ධනය කරනු ලැබූ ආර්ථික ප‍්‍රතිපත්තිය තුල ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක වන්නේ කෙලවරක් නොමැති ලාභය වෙනුවෙන්ම පමණකි. එහි අසාර්ථකත්වය නැවත නැවතත් තහවුරුව තිබියදී පවා තවමත් අප ගමන් කරමින් සිටින්නේ පැරණි මාවතෙහිම ය.

කොවිඞ් සංචරන සීමා පැවැති කාලය තුල මෙන්ම ඉන් අනතුරුව ද, අහාර නිෂ්පාදන ක‍්‍රියාවලියෙන් බැහැර කරනු ලැබූ කාන්තාව ඊට ඇතුලත් කරගනිමින්, සුලූ නිෂ්පාදනයා ප‍්‍රවර්ධනය කෙරෙන ප‍්‍රජා මැදිහත්වීම් දිරිගන්වන ප‍්‍රතිපත්තියක් කිසිවිටෙක අනුගමනය නොකෙරුනි. ගෝලීය නිෂ්පාදන සැපයුම් දාමයන් අඛණ්ඩව පවත්වාගැනීමට නිරන්තරයෙන් වෙහෙස වූ නමුත් ආහාර සැපයුම් දාමයන් අඛණ්ඩව පවත්වා ගනිමින් ගැමි ආර්ථිකය ශක්තිමත් කිරීමට ප‍්‍රමාණවත් උනන්දුවක් දක්නට නොවුනි. උදාහරණයක් ලසෙ ඇඟලූම් කර්මාන්තශාලා අඛණ්ඩව පවත්වාගෙන යාමට ප‍්‍රවාහන පහසුකම් සම්පාදනය කෙරුනද දේශීය ගොවි නිෂ්පාදනය වෙළඳපොල වෙත ගෙන ඒමට ප‍්‍රවාහණ පහසුකම් නොමැතිව ගොවියන් අසරණ වනු දැකගත හැකිවිය. ආහාර නිෂ්පාදනයේ තීරණාත්මක භූමිකාවක් ඉටු කරන කාන්තාවට එහි වඩාත් ඵලදායී ලෙස නිරතවීමට පවත්නා ව්‍යුහාත්මක බාධක ඉවත් කරනු වෙනුවට සිදුවූයේ කෘෂි නිෂ්පාදන ක්ෂේත‍්‍රය මිලිටරිකරණය කරමින් සමාගම්වල සමහර භූමිකවන්ට හමුදාව ආදේශ කරමින් කෙටි කාලීනව බිදවැටුනු මහා පරිමාණ සමාගම්වල ඒකාධිකාරියේ හිස්තැන තාවකාලිකව පියවීමේ අ¥රදර්ශී උත්සාහයන්ය. කාබනික පොහොර ප‍්‍රවර්ධනය ඇරඹුනද එය කෙතරම් අ¥රදර්ශී එකක් වී ද යත් එහි අවසානය රසායනික පොහොර ව්‍යාපාරයේනියුතු සමාගම්වල සිට එකී වෙලදපොල කාබනික පොහොර ව්‍යාපාරයේ නියුතු සමාගම් දක්වා මාරු කිරීමක් බවට පත්විය. මේ කිසිදු පියවරක් තුල සිය ආහාරයට ජනතාවට ඇති අයිතිය පිලිබද පුලූල් දැක්මක් ඇති බවත් නොපෙනින. දැන් වසංගතය තරමක් දුරට යටපත් වූ සැනින් නැවතත් ගෝලීය සැපයුම් දාමයන් ස්ථාපිත කරමින් ලාභ උද්ධරණය මුල්කොටගත් සමාගම් ක‍්‍රියාන්විතය නැවත පෙරට පැමිණ ඇත. මේ සියල්ල තුල අපගේ ආහාර පද්ධති අතිශයින් අන්තරායකර තත්ත්වයකට පත්ව ඇත්තේ ගෝලීය වසංගතයකදී පවා පවත්නා ක‍්‍රමයේ බිදවැටීම් මධ්‍යයේ පවා එයින් පාඩම් ඉගෙන ගැනීමට අප අපෙහොසත්ව ඇති බැවිනි.

මෙරට ජනතාව බහුජාතික සමාගම්වල ප‍්‍රාග්ධන සංකේන්ද්‍රරණය සදහා පවතින වෙලදපොලක් ලෙස නොව පරිසරයට, භූමියට, සම්පත්වලට, ආහාරයට සහ තිරසාර ජීවිතයකට අයිතිය ඇති ජනතාවක් ලෙස වටහා ගැනීම වැදගත්ය. එකී අයිතිවාසිකම් සුරක්ෂිත කළහැකි එකම මඟ අපගේ ආහාර පද්ධතිය බහුජාතික සමාගම්වල ග‍්‍රහණයෙන් මුදවා ගැනීමයි. එයි පළමු පියවර නැවතත් ජනතාවට බීජ අයිතිය ලබා දීමයි. එහිදී බීජ සංරක්ෂණයත්, ගබාඩා කිරීමත්, ආහාර පරිරක්ෂණයත්, සුලූ පරිමාණ ගොවි බිම් පවත්වාගෙන යාමත් සිදුකරමින් අතිශය අසාධාරණ තත්ත්වයන් මධ්‍යයේ පවා අපගේ ආහාරයෙන් සැලකියයුතු කොටසක් නිෂ්පාදනය කරන කාන්තාවට පණවනු ලැබ ඇති අසාධාරණ සීමාකාරීත්වයන් අවසන් කිරීම අනිවාර්ය කි. එකී අසාධාරණ ව්‍යුහාත්මක තත්ත්වයන් නොමැති නම් ආහාර නිෂ්පාදන දාමයන්හි ඉහල මට්ටම් වෙත ළගා වෙමින් ආහාර පද්ධතිය තුල සිය භූමිකාව තහවුරු කරගැනීමට ඔවුන් සමත් වනු ඇත. ආහාරය, පෝෂණය, පරිසරය, තිරසාර ජීවිතය සම්බන්ධයෙන් තමන්ගේ ප‍්‍රවේශයන් සාර්ථක බව කාන්තාවෝ මේ වන විට පෙන්වා දී ඇත. එහි වඩාත් මෑත උදාහරණය කොවිඞ් වසංගත සංචරණ සීමා මධ්‍යයේ සිය ප‍්‍රජාවන් කුසගින්නේ නොතැබීමට ඔවුන් සමත්වීමයි. එබැවින් මෙරට ආහාර ස්වෛරීත්වය තහවුරු කිරීමේ, ග‍්‍රාමීය දරිද්‍රතාව පිටුදැකීමේ හා තිරසාර ලෝකයක් ගොඩනංවාගැනීමේ මූලික කොන්දේසියක් වන්නේ කාන්තාව ආහාර නිෂ්පාදනයේ කේන්ද්‍රය වෙත ගෙන ඒමයි. ඇයට එරෙහිව ක‍්‍රියාත්මක කරනු ලැබ ඇති ව්‍යුහාත්හක වෙනස්කොට සැලකීම් අවසන් කිරීමයි. එය සාමූහික සමාජ-දේශපාලන අරගලයක් ලෙස වටහා ගැනීමත්, ඒ වෙනුවෙන් වන දැනුවත් නවලිබරල්වාදයට එරෙහි ගොවි-ස්ත‍්‍රී ව්‍යාපාරයක මැදිහත්වීමත් අතිශයින් තීරණාත්මකය.

Blog writers raise issues of contemporary relevance and contribute to a vibrant discussion on human rights and related issues. They express their personal views and not necessarily those of the LST, its Board and its members.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *


Scroll to Top
Skip to content