ආර්ථික අයිතිය උදෙසා වූ කාන්තා එකමුතුවේ සාමාජිකාවෝ අගමැතිනිය හමුවෙති.

ආර්ථික අයිතිය උදෙසාවූ කාන්තා එකමුතුවේ සාමාජිකාවන් පිරිසක් ඊයේ (29) වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමසුරිය මුණගැසිනි. දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන ගොවි කාන්තාවන්ගේ සංවිධාන එකතුවේ සාමාජිකාවන් පිරිසක් මෙලෙස අගමැතිනිය හමුවී ඔවුන් මුහුණදෙන ගැටළු සහ ඒවා සම්බන්ධයෙන් රජයෙන් බලාපොරොත්තු වන විසඳුම් පිළිබඳව සාකච්ඡාවක නිරත විය.

වව්නියාව, මොණරාගල, පොලොන්නරුව, බොගවන්තලාව වැනි ප්‍රදේශ වල කාන්තා ගොවි නායිකාවන් පිරිසක් මේ හමුවට එක්ව සිටියහ. වසර ගණනාවක් තිස්සේ ඔවුන් මුහුණදෙමින් සිටින ප්‍රධානතම ගැටළු කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරියට කරුණු ඉදිරිපත් කිරීම සිදුකෙරිණ. ආර්ථික අයිතිය සඳහාවූ කාන්තා එකතුව වෙනුවෙන් නීතිය හා සමාජ භාරය (Law & Society Trust) මෙම හමුව සංවිධාන කොට තිබිණ.

ක්ෂුද්‍ර මුල්‍ය ණය අර්බුධය සහ එහි වර්ථමාන තත්වය සම්බන්ධයෙන් මෙහිදී මූලිකවම සාකච්ඡා කෙරුණු අතර, ගොවි කාන්තාවන් සඳහා ඉඩම් අයිතිය ලබාදීමේදී පවතින නෛතික ගැටළු, කඳුකර (මලෛයහ) දමිළ ජනතාව මුහුණදෙන ඉඩම්, නිවාස සහ අනිකුත් යටිතල පහසුකම් සම්බන්ධ වන ගැටළු මෙන්ම කාන්තාවන් කෙරෙහි විශේෂයෙන් බලපාන නෛතික සමාජයීය ගැටළු පිළිබඳව ඔවුහු මෙහිදී අගමැතිවරියගේ අවධානයට ලක් කළහ.

එහිදී මතුවූ බොහෝ ගැටළු සම්බන්ධයෙන් තම රජය බලයට පත්වීමට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයටද ඇතුළත් කොට තිබෙන බවත්, ඒවා විසඳා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැළසුම් සකස් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අවදානය යොමු කෙරෙනු ඇති බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය. ගොවි කාන්තාවෝ තමන්ගේ ගැටළු සහ ඊට විසඳුම් ලෙස ඉදිරිපත් කෙරෙන යෝජනා ඇතුළත් සංදේශයක්ද අගමැතිවරිය වෙත බාර දුන්හ.

“ආහාර පද්ධතිය පරිවර්ථනය කරන කාන්තාවෝ” යන තේමාව යටතේ නීතිය හා සමාජ භාරය සංවිධාන කළ ජාතික ගොවි කාන්තා සමුළුව 29 වැනිදා කොළඹදී පැවති අතර ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සහභාගී විය. ආර්ථික අයිතිය උදෙසා කාන්තා එකමුතුවේ සාමාජිකාවන් විසින් එම යෝජනාවලිය එහිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයාටද බාරදී තිබිණි.

 

– Nisanka Weheraduwa –

1 thought on “ආර්ථික අයිතිය උදෙසා වූ කාන්තා එකමුතුවේ සාමාජිකාවෝ අගමැතිනිය හමුවෙති.”

  1. I’m amazed, I have to admit. Rarely do I come across a blog that’s both educative and
    entertaining, and without a doubt, you have hit the nail on the head.
    The problem is something not enough people are speaking intelligently about.

    Now i’m very happy that I came across this in my search for something regarding this.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *


Scroll to Top
Skip to content